Add a path to "Send To"

windows  වල "Send To" වලට වෙනම පාත් එකක් සෙට් කරමු.

සුභ දවසක් යාලුවනේ!
ඔන්න මම අද ගෙනාව ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතුන දෙයක්.  මේක නම හැබැයි Software එකක් නම් නෙමෙයි පොඩි  Trick එකක්. අපි කවුරුත් ආසයිනෙ Computer එකෙන් ඉක්මනට වැඩ කර ගන්න නේද? මොනව  හරි දේවල්  copy කරන කොට එහෙම නාන්න වෙන අවස්ථා එහෙම ගොඩයි නේද? ඒ කියන්නෙ මොනව හරි ගොඩක්  දේවල් එකම තැනට හැමදාම හරි කොහොම හරි Copy  කරනව නම් අවශ්‍ය තැනට Folders open කරගෙන යන්න වෙනවනෙ නේද?


  ඒක මග හැරල අපි පෙන් එකට මොනව හරි Send කරනව් වගේ අපිට අවශ්‍ය දේ Copy කරන්න තිබුන නම් ගොඩක් ලේසියි නේද? මම අද කියන්න යන්නෙ කොහොමද "Send To"  එකට අපට අවශ්‍ය Folder එකේ පාත්  එක දෙන්නෙ කියල.

මම ඒක ඔයාලට පැහැදිලිව කියා දෙන්නම් පියවරෙන් පියවර .

මුලින්ම මම කියා දෙන්නම් windows 7 අය කොහොමද මේක කර ගන්නෙ කියල.
Start වලට ගිහින් shell:sendto කියල Type කරන්න. 



එතකොට ඔයලට මම පහල දාල තියෙන Photo එකේ වගේ දකින්න ලැබෙයි ..
ඒක Click කරන්න.




ඊට පස්සෙ ඔයාලට පහල Photo එකේ  තියෙනව වගේ Folder එකක් Open වෙයි ඒකෙන් ඔයාලට අනවශ්‍ය ඒව Delete කරන්නත් අවශ්‍ය ඒව එකතු කරන්නත් පුලුවන්.



 ඔයාලට එකතු කිරීමට්  අවශ්‍ය Folder එක copy කරන්න. ඊට පස්සෙ "Send  To"  ඉහල රූපයේ තිබෙන තැනට පහල Photo එකේ ආකාරයට  Paste Shortcut කරන්න.  මතක තියා ගන්න Paste කරන්න නම් එපා.  
 

 ඔබට අවශ්‍ය පරිදි ගැලපෙන නමක් දැමිය හැක. 



කොහොමද වැඩේ හරිම පහසුයි නේද? 

Windows Xp අයටත් පොඩි දෙයයි කරන්න තියෙන්නෙ. 

Folder Options වලින් Hidden Files show වෙන ආකාරයට  හදා ගන්න.
ඊට පස්සෙ Run වලට ගිහින් (Windows Key+R) හෝ Start>>Run වෙත ගොස්  Sendto යනුවෙන් Type කරන්න. මේ විදිහට වැඩ කරේ නැත්නම් C:>>Document and Settings >> My Documents >> SendTo වලට ගොස් Windows7 වලදී කල ආකාරයට කරන්න.
(C:\Documents and Settings\Default User\SendTo  ) මගෙ Xp වල තිබුනෙ නම් මේ පාත් . මේක RUN vala ගැහුවහමත් මගෙ නම් එනව. මොකද ඒ පාත් එක මගෙ XP වල Send To එකේ පාත් එක නිසා. ඔයාලට මේක කර ගැනීමට මොකක් හෝ අපහසුවක් තියෙනව නම් මට කියන්න.


ඔයාලට මේ post එක වැදගත් වුනේ නම් Comment එකක් දාලම යන්න

Comments

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Internet Dongle අපිම unlock කර ගමු