Files Recovery Part 2 (Recuva 1.43.623)

සුභ දවසක් ඔයාලට!! 
ගොඩ දවසකින් පෝස්ට් එකක් දාන්න බැරි වුනා ඒකට කවුරුත් තරහ වෙන්න එපා. දැන් වැඩිය වෙලාවක් නෑ Post එකක් වත් ලියන්න. මේකත් දැන් ටික දවසක් ඉදන් තමයි ලියන්නෙ මොකද ලියල ඉවර කර ගන්න වෙලාවක් තිබුනෙ නෑ. 
අද තමයි ලියල ඉවර කරගත්තෙ.  මම කලින් Post එකක් දාල තියෙනව files Recovery Software එකක් නමුත් ඒක වැඩ කරන්නෙ Xp වල විතරක් නිසා windows7 වලත් හරියට වැඩ කරන software එකක් හොයා ගන්න මටත් ලොකු වුවමනාවක් තිබුන,

Software එකක් මම හොයා ගත්ත. Recuva 1.43.623 Version එක.  Files recovery Software නම් ගොඩක් තියෙනව නමුත් ඒව හරියට වැඩ කරන්නෙ නැති නිසා අපේ වටිනා කාලය නාස්ති වෙනවනෙ නේද?
බය වෙන්න දෙයක් නෑ,  මේ software එක ගැන නම්,  මොකද මම මේක Test කරල තමයි බ්ලොග් එකට  දැම්මෙ.  


එහෙනම් වැඩි විස්තර ඕනෙ නෑනෙ අපි වැඩේට  බහිමුකො නේද?
එහෙනම් පහලින් software එක Download  කර ගන්නකො. 


https://www.dropbox.com/s/psl1k4qx2otunqu/Recuva%201.43.2%20%28From%20sonikgeadaviya.blogspot.com%29.rar?dl=0

සාමාන්‍ය Software එකක් Install කරන විදිහට මේ Software එක install කර ගන්න.
මේ software එකෙන් හරිය අපිට අවශ්‍ය වැඩේ කර ගන්න ක්‍රමය මම ඔයාලට කියන්නම් පැහැදිලිව 

ඔයාල මුලින්ම Software එක Open කර ගත් පසු පහලින් පෙනෙන අකාරයේ Window එකක් දැක ගත හැක.  

ඊලගට එන window එකෙන් ඔබට Recovery කර ගැනීමට අවශ්‍ය Files වර්ගය තෝරා දීම සිදු කල යුතුය.  මෙහි ඇති other යනුවෙන් තෝරා දීමෙන් සියලුම Files දැක ගත හැක. ඔබගේ අවශ්‍යතාවය තෝරාදුන් පසු Next Button එක ඔබන්න.

    
  ඉන් පසු ඔබට Recover කිරීමට අවශ්‍ය ස්ථානය තෝරා දෙන්න. 

   
ඉන්පසුව එන Window එකේ Enable Deep Scan තෝරා දීම සිදුකර Next Button එක Click කරන්න 

                      ඉන් ටික වෙලාවකට පසු ඔබට පහල තිබෙන අකාරයේ Window එකක් දැක ගත හැක. ඉන් ඔබට අවශ්‍ය File එක ඉදිරියේ ඇති කොටුව තුල හරි ලකුන දමා දකුණු පස පහලින් තිබෙන Recover Button එක Click කර File එක Save කිරීමට අවශ්‍ය ස්ථානයක් තෝරා දීම කරන්න.

අවසානයේ ඔබ save කල ස්ථානයට ගිය පසු ඔබට Recover කරන ලද Files දැක ගත හැක.
වැඩේ ලේසියි නේද?
ඔයාලට මෙහිදී ගැටලු මතු වුවහොත් මට දැනුම් දෙන්න. 


Comments

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil