Torrent Files IDM එකෙන් Download කරන්න Part 3 (Furk.net)

සුබ දවසක් ඔයාලට!
අදත් ගෙනාව download කරන අයට වැදගත් වෙන දෙයක්. මේ තමයි මම කලින් Post එකක කියපු torrent Files Direct Download කරන අනෙත් ක්‍රමය. මේ ක්‍රමය නම් සුපිරියටම Speed එක තියෙනව. speed එක ලිමිට් වෙන්නෙ නෑ. නමුත් පොඩි අවාසියක් තියෙනව. පොඩි කිවුවට පොඩිම අවාසියක් නම් නෙමෙයි ඒක. free දෙන නිසා තමයි එහෙම වෙන්නෙ සල්ලි දීල ගත්තොත් නම් කිසිම අවුලක් නෑ. අපි Download කරන File  එක අතර මග නවතා නැවත  Download  කිරීමේ හැකියාවක් නෑ, වගේම අපිට දවසට download කරන්න පුලුවන් 1Gb වගේම සතියට 5Gb Download කිරීමේ හැකියාවකුයි තියෙන්නෙ. කැමති අය Try කරල බලන්න.

අපි කවද්ද ඉතින්  software එකක් සල්ලි දීල ගත්තෙ නේද?
පහල තියෙන image එක උඩ click කරල register වෙන්න. අපේ Facebook account එක link කරල register වෙන්න පුලුවන්.  Face Book Link කරන අය හොදට බලන්න password එකක් එයාල පෙන්වයි ඒක ගහල log වෙන්න ඊට පස්සෙ ඔයාලට  පුලුවන්. Password එක වෙනස් කර ගන්න.

ඊට පස්සෙ ඔයාලට පුලුවන් Torrent Files මේකට දාන්න. කරන්න තියෙන්නෙ log වෙලා My Files යන්න ඊට පස්සෙ Torrent එකේ link එක Direct දෙන්නත් පුලුවන් නැත්නම් torrent file එක Download කරල ඒක තියෙන තැනින් ඒක Select කරන්න. එතකොට එයා ඒක ටික වෙලාවකින් අපිට Direct download කරන්න පුලුවන් විදිහට එයාගෙ Server එකට Upload කර ගන්නව.
අපිට බලාගන්න පුලුවන් අපි add කරපු file එක download කරන්න පුලුවන්ද කියල. ඒකට My Files ගිහින් Finished  කියල Link එකක් තියෙනව ඒක Click කරන්න එතකොට ඔයාල Add කරපු File එක දැක ගන්න පුලුවන් ඒක click කරල Download කියල තියෙන Button එක Click කරල අදාල File එක Download කර ගන්න පුලුවන්.

මෙහි මොකක්  හරි ගැටලුවක් තියෙන නම් මට comment එකක් මගින් දැනුම් දෙන්න.

මෙතනින් යන්න IDM part 1
මෙතනින් යන්න IDM part 2 

Comments

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil