Unlock Android Mobile Phone with in 5 minutes

සුභ දවසක් ඔයාලට!! 
ගොඩ දවසකින් Post එකක් දාන්න බැරි වුනා. මේ අවුරුද්දට දාන පලවෙනි Post එක. මම මේ Post එකක් ලියන්නෙ මාස 4 කට විතර පස්සෙ. මම අද දාන්නෙ ටිකක් වෙනස් දෙයක් මොකද මම මෙච්චර දවසක් දැම්මෙ Windows වලට දේවල් විතරනෙ. අද දාන්නෙ Android සම්බන්ද දෙයක්. මට වැඩිය වෙලා නෑ  දැන් Post දාන්න ඒක නිසා මම  ඔයාලට තේරෙන විදිහට මේක කියල දෙන්නම්. 

මේකට මොකුත් software අවශ්‍ය නෑ විනාඩි 5ක් වගේ පොඩි කාලයකින් මේක කරන්න පුලුවන්. මෙම ක්‍රමය මම unlock කිවුවට වෙන්නෙ Factory Reset එකක්.  මම මේක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්. ඔයාලගෙ Mobile Phone එක ඔයාල Password, Pattern Code එකක් දාල Lock  කරනවනෙ ඔයාලගෙ Private දේවල් අනිත් අය බලන නිසා. ඉතින් හදිස්සියෙ ඔයාල දාන Password ,Pattern Code අමතක උනොත් unlock කර ගන්න Phone Shop එකකටම  අරන් යන්න වෙනවනෙ . මේ මම කියල දෙන විදියෙන් ඔයාලට ගෙදර ඉදලම Phone එක Unlock කර ගන්න පුලුවන් නමුත්  මම දන්නෙ නෑ මේ විදිහට හැම Phone එකක්ම Unlock කරන්න පුලුවන්ද කියල. මම මේ විදිහට එක Phone එකක් Unlock  කරා. මම පියවරෙන් පියවර කියල දෙන්නම්..

*මෙහිදී  සැලකිය යුතුයි..

1. Memory Card තිබේ නම් Remove කර යුතුයි. 

2. Phone එකේ තියෙන සියලුම Data සහ ඔයාල Install කරපු  App මෙහිදී මැකී යාමක් සිදුවේ. 

3. මෙය  භාවිතා කරන්න වෙන කිසිම ක්‍රමයකින් Log  වීමට නොහැකිනම් පමනක්.   

Home Key එක Phone එක On කර පසු Display වේ නම් එහි ඇති Power Button+volume up+ තව තියෙන Keys press කරගෙන ඉන්න Phone එක On වෙනතුරු.

1. Phone එක Off කරන්න. 
2. මෙම සියලුම Keys එක සැරේ Press කරගෙන ඉන්න Phone එක On වෙන තුරු  
Volume up + Home Key + Power Button
3. Phone එක on වෙන්නෙ DOS Mood එකෙන්.
4. Volume Key එක use කරල උඩ පහල යන්න පුලුවන්. 
5. “Restore Factory Defaults” / “Delete all User Data” / "Master Reset" ඒවගේ දැක ගත හැකිය එය ඔබගේ Phone එක අනුව වෙනස් වේ. 
6. Phone එක Reset වී අවසන් වූ විට Reboot System Now යනුවෙන් Display වේ එහිදී Ok කරන්න. 

මෙම ආකාරය ඉතා පහසුවෙන් කිසිම ආකාරයකට Unlock කර ගත නොහැකි Android Phone එකක් Unlock කර ගත හැකිය. 

මේ සම්බන්දව ගැටලු තිබේ නම් මට දැනුම් දෙන්න.   

Comments

  1. බොහොම ස්තුතියි යාළුවා. ඔබගේ උත්සාහය මම ඉතාමත්ම අගය කරනවා. මම android phones ගැන ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙවේ.නමුත් මෙමෙ ලිපියේ තියෙන ආකාරයට හැම එකක්ම එහෙම reset කරන බැහැ. phone brand එක සහ model එක අනුව කරන ක්‍රමවේදය වෙනස් වෙනවා..

    ReplyDelete
  2. බොහොම ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට.

    ReplyDelete
  3. මම එහෙම කරා ඔන් වෙද්දි e-mail ekak illanawa.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil