Windows install on pen drive./ pen drive එකෙන් windows install කර ගන්න.


සුබ දවසක් ඔයාල හැමෝටම!

 ගොඩක් කාලෙකින් තමයි blog  එක පැත්තෙ එන්නෙ. 
අද මන් ඔයාලට  කියන්න යන්නෙ ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. එහෙනම් හොදින් අවදානෙන් මේක කියවන්න.මන් ඔයාලට පියවරෙන්  පියවර කියල දෙන්නම්
මුලින්ම වැඩේ කරන්න කලින් මේක ගැන විස්තරයක් කරල ඉන්නම්. මේ software එක Microsoft එකෙන් නොමිලේ දෙන software  එකක්, නම තමයි  Windows USB/DVD Download Tool.
ඔයාල දන්නව windows install කරන, අපි අතර ප්‍රසිද්ධ ක්‍රම තමයි CD,DVD වලින් install කරන එක. ඊට අමතරව තවත් ලේසිම සහ ඉක්මන් විදියක් තමයි pen drive එකෙන් windows දාන එක. මේ විස්තරේ ඔයාලට ඇතිනෙ. මන් ගොඩක් කෙටියෙන් කිවුවෙ. මේ සම්බන්ද ගොඩක් දේවල් හොයා ගන්න පුලුවන් google එකේ පොඩි search එකක් දැම්මහම. හරි එහෙනම් වැඩේ පටන් ගමු. පහල තියෙන link එකෙන් software එක download කර ගන්න.

                                                     download කර ගන්න.



මෙය සාමාන්‍ය software  එකක් install කරන ආකාරයට install කර ගන්න .
ඔයාල install  කරපු Software එක open කර ගන්න එතකොට පහලින් මම දාල තියෙන ආකාරයේ window එකක් වෙයි. 

1. මෙහි Browse Button  එක click කර windows ISO File එක තියෙන තැන තෝරන්න.
  

2. USB device Button එක  click කර pen drive එක  තෝරන්න. 


3. Begin copying Button එක  click කරන්න. මෙහිදී pen drive Format වෙන නිසා වැදගත් යමක් තියෙනව නම් කොහේට හරි copy කරල  තියා ගන්න.
ටික වෙලාවකින් pen drive එකට windows Copy  වෙයි. 


4. Copy වෙලා අවසන් වුනාට පස්සේ බලන්න pen drive එක open කරල බලන්න setup file එක open වෙනවද කියල.

5. open වෙනව නම්. computer එක  restart කරල  Bios  වලට ගිහින් First boot Device  එක USB drive එක  තෝරන්න.

දැන් වෙනද windows දාන විදිහට  දාන්න. windows file copy  වෙලා අවසන් වී restart වෙන වෙලාවේදී නැවත Bios වලට ගිහින් First Boot Device එක hard disk එක  තෝරන්න. එහෙම බැරි නම් pen එක Remove කරන්න. 
හරිම ඉක්මනින් windows install කර ගන්න පුළුවන් මේ ආකාරයට.

මේ සම්බන්ධයෙන් මොකක් හරි ගැටළුවක් තියෙනව නම් අහන්න. එහෙනම් තවත් වැදගත් Post එකකින් හමුවෙමු.  


Comments

  1. هذه معلومات جميلة جدا عن حملة القلم. شكر
    وقراءة المزيد في: bulk flash drives

    ReplyDelete
  2. any dvd softwere eka full vishan eka denavada loku udawvak

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil