VPN ගැන දැනගනිමු

සුබ දවසක් ඔයාල සියලු දෙනාටම.
අපි බලමු මොකද්ද මේ vpn කියන්නේ කියලා  (virtual private network )  ඇත්තටම මේක හදලා තියෙන්නේ හොර වැඩ කරන්න නෙමෙයි.

Vpn server එකක් හරහා අපිට ඉන්ටනෙට් වලට connect  වෙන්න තියෙන service එකක්.

අපි vpn එකක් හරහා ඉන්ටර්නෙට් ලොග් වෙන විට අපගේ පරිගණකයේ, mobile phone එකේ, Tab එකේ වගේ device වල දත්ත encrypt කරනවා එතකොට අපගේ සියලු දත්ත පිටස්තර අයට  බලාගන්න හැකියාවක් නැහැ.  අපි  internet වලට සම්බන්ධ වෙන වෙන නිවැරැදි IP address  එක location එක බලා ගැනීමේ හැකියාවක් නැහැ.
Vpn  එකක් පාවිච්චි කරහම අපිට පුළුවන් අපේ රටේ හෝ වෙනත් රටක block කරපු ඕනෑම වෙබ්   අඩවියට පිවිසීමට.
අපිට පුළුවන් Internet  එක හරහා ගොඩක් VPN Software, Android Applications හොයාගන්න. ඒ VPN අතරින් විශ්වාසය තැබිය හැකි  applications  පමණක් භාවිතා කරන්න.

මම ඔයාලට Android Application එකක් විතරයි මේ වෙලාවේ දෙන්නේ. ඒ application එක නම් දන්න තරමින් කිසි අවුලක් නැහැ.
Application එකක් play store එක හරහා Download  කරන්න කලින් ඒකෙ reviews  බලන්න application එක ගැන මොනවහරි නරක දෙයක් දාලා තියෙනවා නම් පොඩ්ඩක් හොයල බලන්න.

VPN Master කියලා playstore එකේ search කරාම ඔයාලට දැකගන්න පුළුවන් එම Application  එක ඔබගේ Android  දුරකථනයට install කරගෙන එය භාවිතා කරන්න පුළුවන් ඉතාම පහසුවෙන්.
පහල Button එක click කිරීම මගින් ඔබගේ ජංගම දුරකථනයට Install  කරගත හැක
Opera VPN කියලා application එකක් තියෙනවා ඒකත් හොඳයි කැමති අයට ඒක Download කරගන්නත් පුළුවන්

මේ application එක ඔයාලගේ Mobile Phone එකට install කරගත්තට පස්සේ Open කරන්න එතකොට automatically Server එකකට connect වෙයි. Connet උනේ නැත්නම් නැවත උත්සාහ කරන්න එතකොට හරියාකාරව reconnect වෙයි.
මෙම ඇප්ලිකේෂන් එක close නොකර minimize කරන්න. ඊටපස්සේ ඔයාලට internet යන්න අවශ්‍ය කරන ඕනෙම Application එකකින් Internet භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. Internet බාවිතා කර අවසන් වූ විට VPN Master නැවත open කර disconnect කරන්න. එවිට ඔබ නැවතත් VPN Master open කරන තුරු සම්බන්ධයක් නැත.

මේ සම්බන්ධව මොනවා හරි දැනගැනීමට අවශ්‍යනම් කමෙන්ට් එකක් මගින් මට දැනුම් දෙන්න.

Comments

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Best Sinhala Typing Software..... Pencil