ස්වයංක්‍රීයව Windows7 වලට log on වීමට

 මුලින්ම කියන්න ඕනෙ. 
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔක්කොටම!! 

ගොඩ කාලෙකට පස්සෙ තමයි  ලිපියක් ලියන්න වුනේ. ගොඩක් කරදර වුන ඒකයි. මේක ඉතින් මට ආපු ප්‍රශ්නයක් නිසා තමයි ලියන්න කියල හිතුවෙ. මේක නොදන්නා අයත් ඇති කියල හිතුව එයාලට මේක ගොඩක් වැදගත් වෙන්න පුළුවන්.
වැඩේට බහිමුකො එහෙනම් .


ඔයාලගේ computer එකේ  user Accounts ගොඩක් තියෙනව නම්. Windows වලට Log වීමට මොකක් හරි Account එකක් Click කරන්න ඕනෙ වෙනවනෙ. එහෙම නැතුව ඔයාල කැමති Account එකෙන් Log වෙන්න පුළුවන් Account එක Click නොකර. අද කියන්න එහෙම කොහොමද කරන්නෙ කියල. එහෙනම් නොදන්නා අය හොඳට මේ ලිපිය බලන්නකො. 
 

දැනගැනීම සදහා 
1. එක Account එකක් තියෙනව නම් කිසිම අවුලක්  නෑ Automatically Windows වලට Log වෙනවා password එකක් දාල නැත්නම්. 

2. Accounts එකකට වඩා තියෙනව නම් තමයි මගේ ලිපිය වැදගත් වෙන්නෙ. 
3. Password දමා තිබේ නම් Password ඉවත් කරන්න ඔබ Automatically Log වෙන Account 
එකේ. 
4. Password Field emty තිබියදී Ok button එක click   කරන්න.







ඔයාල Startup එක Automatically කලවිට මේ වගේ window එකක් එන්නේ නෑ කෙලින්ම ඔයාලගේ Desktop එකට තමයි එන්නේ. කිසිම දේකට බය වෙන්න එපා. 


මම පියවරෙන් පියවර දාන්නම් නොදන්න අයට තේරුම් ගන්න පහසු වීම සදහා.  

1. start menu එක open කරන්න 
2. search Bar එකේ netplwiz කියල Type කරල Enter Button එක Press කරන්න.




3. Turn On කිරීම Automatic Log On User Account සදහා.

(A) ඔයාලට Automatically Log වීමට අවශ්‍ය user name එක click කරන්න.

(B)  මම ලකුණු කර තිබෙන තැන හරිය ඉවත් කරන්න Users must enter a user name and password to use this computer කියන තැන තියෙන. 


(C)  Ok Button එක click කරන්න 


  
4. Automatic Log On ඉවත් කිරීම සදහා.


පියවර 3 B කොටසේ රූපයේ පෙනෙන ස්ථානයට හරිය දමා ok කරන්න.


5. Automatically Log On වෙන  User Account වෙනස් කිරීම 

(A) පියවර 3 B කොටසේ රූපයේ පෙනෙන ස්ථානයට හරිය දමා Apply button එක click කරන්න.



(B) automatically log on වීමට අවශ්‍ය Account එක click කරන්න
 
(C) පියවර 3 B කොටසේ රූපයේ පෙනෙන ස්ථානයට හරිය දමන්න. 


(D) OK button එක click කරන්න.
  
මොකක් හරි ගැටළුවක් තිබේනම් comments එකක් දාන්න. ඒ වගේම ඔයාලට මේ ලිපිය වැදගත් වුනේ නම් comment එකක් දාන්න.
 

  

Comments

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Internet Dongle අපිම unlock කර ගමු