Drivers හොයන්න අමාරුනම් මෙන්න ලේසිම විදිහ Part 2


සුබ දවසක් යාළුවනේ. 
අද මම කියන්න යන්නේ ඔයාලා හැමෝටම තියෙන ප්‍රශ්ණයකට අදාල ගොඩක් වැදගත් සහ පහසු විසදුමක්.  ඒ තමයි ඔයාලගෙ computer එකේ තියෙන Hardware වලට අදාල Drivers හොයාගන්න විදිහ මොකද අපි Google එකේ search  කරලා මේ drivers ටික හොයාගන්න
ටිකක් මහන්සි වෙන්න වෙනවනෙ. ඉතින් මම ඔයාලට පහසුවෙන්ම Drivers Update කර ගන්න Software එකක් හොයල ගෙනාව. 

මේ Software එක ගැන කියනව නම් මේක Free දෙන Software එකක්. මේකෙ නම 3DP Chip v1311. මම ඔයාලට Download කර ගන්න දීල තියෙන්නෙ අලුත්ම සංස්කරණය. මේ software එකේ අලුත් සංස්කරණ ආව විට ඔයාලට නොමිලේ Update කර ගැනීමේ හැකියාවත් තියෙනව. 
පහලින් Software එක Download කර ගන්න. මේකෙන් වැඩ කරන විදිහ මම කියල දෙන්නම්. 

https://www.dropbox.com/s/q68o9id6f4xk0rr/3DP_Chip_v1311%20%28Drivers%20update%29%28sonikgeadaviya%29.rar
ඔයාල Download කර ගත්ත Software එක Extract කර ගන්න. ඊට පස්සෙ සාමන්‍ය Software එකක් Install  කරන ආකාරයට Install කරන්න.  internet Connect කරල නැත්නම් Connect කරන්න.

දැන් Software එක Open කරන්න. දැන් ඔයාලට දැක ගන්න පුලුවන් වෙයි ඔයාලගෙ Computer එකට අදාල Drivers සහිත Window එකක්. ඉන් පසුව ඔයාලට අවශ්‍ය Drivers අදාල Driver එක උඩ Click කරන්න. ඉන්පසු වෙනම  Link එකකින් Browser එක Open වෙයි. සමහර Drivers හැම Operating System (XP, Win 7) එකකටම හරියන ඒව තියෙනව, නමුත් සමහර ඒව වැඩ කරන්නෙ එක Operating System (XP හෝ Win 7) එකකට පමණයි.. ඒවට link වෙන වෙනම ඔයාලට දැක ගන්න පුලුවන්. පහලින් දාල තියෙන Photo එක බලන්න. 

 අදාල System Type එකට (32Bit හෝ 64Bit)
ගැලපෙන විදිහට නිල්පාට link එක උඩ පමණක් Click කිරීමෙන් Download කර ගන්න. වෙනම Download Buttons තිබුනට ඒව Click කරන්න යන්න එපා.

මෙහි මොකක් හෝ ගැටලුවක් තිබේනම් මට Comment එකක් මහින් හෝ Facebook මගින් මට දැනුම් දෙන්න.

Drivers හොයන්න අමාරුනම් මෙන්න ලේසිම විදිහ Part1 බලන්න මෙතනින් යන්න.

Comments

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Internet Dongle අපිම unlock කර ගමු