IDM එකෙන් Download කරන අය Download වෙන්න කලින් Quality Check කරන්න

සුබ දවසක් යාලුවනේ.
 

ඔන්න මම අද ගේනවා ඔයාලට ගොඩක් වැදගත් වෙන බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්. අපේ  යාළුවො  films, video Songs   එහෙම IDM එකෙන් Download කරනව ඇති නේද? එකේ quality එක බලන්න වෙන්න ඒක Download Complete වුනාට  පස්සෙනෙ නේද?.     මම නම් හොඳ quality film කියල  Download   කරලා තියෙනවා download උනාට පස්සෙනෙ quality එක පේන්නෙ. මල පනිනවා quality එක දැක්කම.  BlRIp කියල සමහර sites වල Camera copy දාල තියෙනවා. මම නම් ගොඩ කාලෙකට ඉස්සෙල්ල එකකට අහුවුනා. දැන් නම් ඉතින් මම  නම් ඔය බොරු කාරයන්ට නම් අහු වෙන්නේ නෑ.



ඉතින් film , Video Songs   සම්පුර්ණයෙන්ම Download වෙන්න කලින් Quality එක බලා ගන්න විදිහක් ගැන තමයි  ඔයාලට කියන්නෙ. 
 මේකට මුලින්ම ඔයාල මොනවා හරි Video song එකක් හරි film එකක් හරි download වෙන්න දාන්න. එක 2Mb /3Mb වගේ Download වෙන්න තියල IDM එක Pause කරන්න.
ඊට පස්සෙ IDM එක open කරල  පහල තියෙන Photo එකේ වගේ Downloads Tab එකට ගිහින් Options තෝරන්න. 
 






ඊට පස්සෙ Save to කියන tab එක Click කරන්න. පහල තියෙනවා වගේ window එකක් open වෙයි. එකේ Temporary Directory කියල තියෙන තැන තිබෙන Address එක  Copy කර ගන්න.





My Computer ගිහින් Address Bar එකේ paste කරල enter Button එක press කරන්න.   




ඊළඟට පහල Photo එකේ තියෙන ආකාරයේ Folder එකක් ඇති එක open කරගෙන ඒක ඇතුලෙ ඇති ඔයා download කරපු Film එක හරි Video song  එකේ හරි නමින් Folder එකක්  ඒක ඇතුලට ගිහින් VLC player එකෙන් හරි නැත්නම් මොකක් හරි හොඳ player එකකින් open කරගෙන බලන්න Quality ඒක හොඳද කියල. හැබැයි  ඕක ඇතුලෙ තියෙන අනිත් Files & Folders එහෙම   Delete  කරන්න එපා. 




කොහොමද පට්ට නේද වැඩේ. මේක ඔයාලට වැදගත් වුනා  නම් Comment එකක් දාලම යන්න.

Comments

Post a Comment

Popular posts from this blog

Torrent Files IDM එකෙන් Download කරන්න

Internet Dongle අපිම unlock කර ගමු